Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ස්විට්සර්ලන්තය ඇමෙරිකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ස්විට්සර්ලන්තය ඇමෙරිකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ස්විට්සර්ලන්තය ඇමෙරිකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු හමුදා භට නිල ගුවන් යානා දෙකක් ස්විට්සර්ලන්තයට ඉහළින් පියාසාර කිරීමට කර තිබූ ඉල්ලීම එරට විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්විට්සර්ලන්තයේ මධ්‍යස්ථභාවය පිළිබඳ නීති උපුටා දක්වමින් එරට විසින් මෙම ප්‍රතික්ෂේප කිරීම් සිදුකර ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත් ගුවන් යානා දෙකක් සඳහා ස්විට්සර්ලන්ත ගුවන් සීමාව විවෘත නොකර ඇති අතර තවත් යානා 3ක් සඳහා ගුවන් කලාපය විවෘත කිරීමටද එරට රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධව නිවේදනය කරමින් ස්විට්සර්ලන්ත රජය සඳහන් කර ඇත්තේ නඩත්තු ගුවන් යානා සහ ප්‍රවාහන ගුවන් යානා සඳහා වූ ගුවන් ගමන් සඳහා සිය අවසරය ලබා දුන් බවයි.

Exit mobile version