ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබා ගැනීම සහ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව එම ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් යානා මිලදී ගැනීමේදී ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවටත්, එම මුදල් විදේශීය බැංකු ගිණුම් හරහා හුවමාරු කරමින් මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ වැරදි සිදුකර ඇති බවටත් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
මෙම එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින්ද විමර්ශන සිදු වූ අතර, එම ගනුදෙනුවේදී අක්‍රමිකතා සිදුව ඇති බවට මීට පෙර බ්‍රිතාන්‍ය අධිකරණයකදීද කරුණු අනාවරණය වී ඇත.

