Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එයාර්බස් ගනුදෙනුවට අදාළව කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ඉවතට

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ඉවතට

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබා ගැනීම සහ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව එම ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් යානා මිලදී ගැනීමේදී ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවටත්, එම මුදල් විදේශීය බැංකු ගිණුම් හරහා හුවමාරු කරමින් මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ වැරදි සිදුකර ඇති බවටත් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මෙම එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින්ද විමර්ශන සිදු වූ අතර, එම ගනුදෙනුවේදී අක්‍රමිකතා සිදුව ඇති බවට මීට පෙර බ්‍රිතාන්‍ය අධිකරණයකදීද කරුණු අනාවරණය වී ඇත.

Exit mobile version