Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කලබල නොවී තෙල් පාවිච්චිය සීමා කරන්න – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

කලබල නොවී තෙල් පාවිච්චිය සීමා කරන්න - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

කලබල නොවී තෙල් පාවිච්චිය සීමා කරන්න - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හමුවේ නිර්මාණය වී ඇති ගෝලීය බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා හැකි සෑම අයුරින්ම ඉන්ධන අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වාදුන්නේ පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට නම් පෞද්ගලික මට්ටමින් ඉන්ධන භාවිතය අවම කිරීමට ජනතාව උත්සාහ කළ යුතු බවයි.

මෑතකදී සිදු වූ ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව පැහැදිලි කළ ඒ මහතා, ඉන්ධන හිඟයක් ඇති වේ යැයි පවතින අනියත බිය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ජනතාව අසාමාන්‍ය ලෙස ඉන්ධන මිලදී ගැනීමට පෙළඹීම මෙම මිල සංශෝධනයට ප්‍රධාන වශයෙන් බලපෑ බව සඳහන් කළා.

එවැනි කලබලකාරී ලෙස ඉන්ධන රැස් කිරීමක් සිදු නොවුණේ නම්, මෙම මස අවසානය දක්වා පැරණි මිල ගණන් යටතේම ඉන්ධන ලබා දීමට හැකියාව තිබූ බවද ඔහු පැවසීය.

වර්තමාන ඉන්ධන අර්බුදය සමස්ත ලෝකයටම බලපාන බැවින්, ශ්‍රී ලංකාව තුළ දැඩි අවදානම් තත්ත්වයක් ඇති වීම වැළැක්වීමට නම් සියලු දෙනා වගකීමෙන් යුතුව සාමූහිකව කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා ඉන්ධන පරිභෝජනය සීමා කරන ලෙසත් සභාපතිවරයා නැවතත් අවධාරණය කළේය.

Exit mobile version