Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බලශක්ති ඇමතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

බලශක්ති ඇමතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

බලශක්ති ඇමතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංගය යෝජනාවක් ගෙනඑන බව සමගි ජන බලවේගය පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ සිය පක්ෂය ඒකමතිකව ගත් තීරණයකට අනුව විශ්වාසභංගය යෝජනාව ගෙනඑන බවයි.

“දැනටමත් අල්ලස් කොමිසම විසින් ඇමතිට විරුද්ධව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබීම, ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසිලෙස කළමනාකරණය කිරීමට අපොහොසත්වීම යන කරුණු 2ක මත ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනඒමට පියවර ගන්නවා.”

“සමගි ජන බලවේගය සමග විපක්ෂයේ කටයුතු කරන අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම් සමගත් සාකච්ඡා කරලා වඩා පුළුල් සහයෝගයක් ලබාගන්න අපි කටයුතු කරනවා.”

“ඒ වගේම රජය තුළින් තනි මතයට ස්වාධීනව ඡන්දය භාවිත කරන්න පුළුවන් මන්ත්‍රීවරුන්ගෙන් මං ඉල්ලා සිටිනවා අපිට සහයෝගය දෙන්න.”

Exit mobile version