Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අසත්‍ය පුවතක් ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

අසත්‍ය පුවතක් ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

අසත්‍ය පුවතක් ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුලු විවිධ ගැටලු මතු වී ඇති බවත් මේ හේතුවෙන් ඉදිරියේදී සහ අප්‍රේල් මාසයේදී විදුලිබල කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි පළවන ප්‍රචාර සාවද්‍ය බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරනුයේ නොරොච්චෝල බලාගාරයට ඉදිරි කාලය සඳහා ඇනවුම් කළ ගල් අඟුරු නැව් 36න් 22ක් මේ වන විට ගොඩ බා ඇති බවත් බලාගාරයේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි.

එමෙන්ම ඉතිරි සැපයුම් බාදාවකින් තොරව සැපයිය හැකි බවට සැපයුම්කරු අවධාරණය කර ඇති බවත් සඳහන් කර ඇති අමාත්‍යාංශය පැවසුවේ අවශ්‍ය වේ නම් හදිසි ගල් අඟුරු සැපයීමක් සඳහා කළ යුතු මූලික පියවරයන් ගෙන ඇති තත්ත්වයක් තුළ හා අප්‍රේල් මාසය අවසානය තෙක් විදුලි ජනනය සඳහා අවශ්‍ය දැවි තෙල් තොග පවතින තත්ත්වයක් තුළ ඉහත පරිදි විදුලි කප්පාදුවක් ඇති නොවන බවයි.

මේ හේතුවෙන් පළවන එවැනි සාවාද්‍ය සහ නොමග යවන සුළු ප්‍රචාර හමුවේ නොරැවටෙන ලෙසද සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Exit mobile version