Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැදපෙරදිග යුද ගැටුම් මැද බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ⁣ට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ⁣ට

මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඊයේ (02) පෙරවරුවේ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ තෙල් නැව් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇත.

අද පෙරවරුව වන විට අමෙරිකානු වෙළෙඳපොළේ (WTI) බොරතෙල් බැරලයක මිල 8%කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ ඩොලර් 72.40ක් ලෙසයි.

මේ අතර, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් (Brent) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල 9%ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරමින් ඩොලර් 79.38ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පවතින යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත්, ඉදිරි දින කිහිපය තුළ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව දක්වා ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

Exit mobile version