Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැරිසියේ වඩාත්ම ආදරණීය සූපශාස්ත්‍ර තරගාවලියේ ජය ශ්‍රී ලංකිකයෙකුට

පැරිසියේ වඩාත්ම ආදරණීය සූපශාස්ත්‍ර තරගාවලියේ ජය ශ්‍රී ලංකිකයෙකුට

පැරිසියේ වඩාත්ම ආදරණීය සූපශාස්ත්‍ර තරගාවලියේ ජය ශ්‍රී ලංකිකයෙකුට

ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දෙමින් UNESCO ලෝක උරුම ආහාර සංඛේතයක් වූ ප්‍රංශ Baguette de Tradition Française නිර්මාණ තරගාවලියේ 2026 වසරේ පැරිස් නගරයේ දක්ෂතම Baguette නිර්මාණ ශිල්පියා ලෙසින් දෙවන වරටත් ශ්‍රී ලාංකිකයෙකු වන සිතම්පරප්පිල්ලෙයි ජෙගතීපන් පත් විය.

43 හැවිරිදි සිතම්පරප්පිල්ලෙයි ජෙගතීපන්, 2024 වසරේද මෙම කිරුළ ජයග්‍රහණය කළ අතර ඒ හේතුවෙන් එම වසරේ ඔලිම්පික් ගිනිසිල රැගෙන යාමේ ගෞරවය ශ්‍රි ලාංකික වෘතිකයෙකුට හිමි විමද සිදු විය. නව ජයග්‍රාහකයා මීළග වසරේ එලීසී මාළිගයේ ජනාධිපතිවරයා සහ ඒ වෙත එළඹෙන අනිකුත් රාජ්‍යතාන්ත්‍රිකයින් වෙත Baguette සැපයීමේ අවස්ථාව හිමි කර ගැනීම ද විශේෂත්වයකි.

ප්‍රංශ Baguette de Tradition Française නිර්මාණ තරගාවලිය පැරිසියේ වඩාත්ම ආදරණීය සූපශාස්ත්‍ර තරගාවලියන්ගෙන් එකක් ලෙස සැලකේ.

43 හැවිරිදි සිතම්පරප්පිල්ලෙයි ජෙගතීපන් තරගකරුවන් 142නෙකෙු අභිබවා මෙම ජයග්‍රහණය ලබා ගෙන ඇත.

ඔහු සකස් කළ Baguette හි පෙනුම, රසය, එහි අන්තර්ගතය සහ සමස්ත ගුණාත්මකභාවය විනිශ්චය කරන ලද බෑගට් එකකින් විනිසුරුවන් විශ්මයට පත් කර තිබේ.

පැරිස් නගරය විසින් සංවිධාන කරන ලද වාර්ෂික තරගයට අගනුවර පුරා බේකරිකරුවන්ගෙන් 143ක් ඉදිරිපත්ව තිබුණි. කර්මාන්ත වෘත්තිකයන්, මාධ්‍යවේදීන් සහ පැරිස් පදිංචිකරුවන්ගෙන් සැදුම්ලත් ජූරි සභාවක් මෙම තරගයේ Baguette පරීක්ෂාවට ලක් කර ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා සෑම බෑගට් එකක්ම ශ්‍රේණිගත කර ඇත.

යුරෝ 4,000ක ත්‍යාගයක්ද මෙම ජයග්‍රහණයත් සමඟින් ජෙගතීපන්ට හිමිවේ.

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ජෙගතීපන් වසර 20කට පමණ පෙර ප්‍රංශයට සංක්‍රමණය වූ අයෙකි.

Exit mobile version