ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නවවන (09) අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රියර් අද්මිරාල් රොහාන් ඡෝසෆ් මහතා ඉකුත් බදාදා (18) නිල වශයෙන් අක්තපත්‍රභාර ගන්නා ලදි.
ඊට අදාළ නිල අක්තපත්‍රය ප්‍රධානය කැබිනට් අමාත්‍ය කාර්යාලයේදී එහි ලේකම් ඩබ්එම්ඩීජේ ප්‍රනාන්දු මහතා අතින් සිදුකෙරුණු අතර, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස නිල වශයෙන් රාජකාරි ආරම්භකරන ලදි.

