දිට්වා සුළිකුණාටුවෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාව වෙනුවෙන් සිදු කර ඇති මැදිහත්වීම ගැන සියයට හැත්තෑ අටයි දශම හතක ජනතා ප්‍රසාදයක් හිමිව ඇති බව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සිදු කළ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
පසුගිය දිනවල සිදු කළ දේශීය හා ජාත්‍යන්තර සමීක්ෂණ දත්ත වාර්තාවලින් වර්තමානයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින්නේ ධනාත්මක ප්‍රතිචාරයක්.
සමාජ විද්‍යාඥයින්ගේ සංගමය පසුගිය ජනවාරි මාසයේදී දිට්වා සුළිකුණාටුවෙන් පසු සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.
එම සමීක්ෂණයේදී ජනතා සන්ජානනය විවිධ අංශ කෙරෙහි බලපා ඇති ආකාරය ඔවුන් එම වාර්තාවෙන් එළිදක්වා තිබුණා.
දිට්වා සුළිකුණාටුවේදී රජයේ සහ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම ගැන ඔවුන් ජනතා ප්‍රසාදය සමීක්ෂණය කළා.
එහිදී සමස්ත රජයේ ක්‍රියාවලිය කෙරෙහි ජනතාවගෙන් සියයට 74 දශම හතරක පිරිසක් සෑහීමට පත්ව තිබුණා.
එහිදී රජය මෙම ආපදාව පාලනය කිරීමට ගත් පියවර පිළිබඳවයි ජනතාව සෑහීමකට පත්ව තිබුණේ.
මෙහිදී ජනාධිපතිවරයාගේ කාර්ය භාරය පිළිබඳවද ඔවුන් මත විමසීමක් සිදු කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ගැන ඉතා ඉහළ ජනතා ප්‍රසාදයක් හිමි වුණා.
එය සියයට 78.7ක්. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ආපදා ප්‍රතිචාර දැක්වීමේදී ත්‍රිවිධ හමුදාවට සියයට 91.2ක ඉහළ ප්‍රතිචාරයක් හිමි වූ අතර පොලීසියටද සියයට 84.6ක විශ්වාසයක් හා සෑහීමක් ජනතාව ප්‍රකාශයට පත් කර තිබුණා.
ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් මෙම දිට්වා සුළිකුණාටුවට මැදිහත්වීම ගැන ජනතා විශ්වාසය ලැබී තිබුණේ සියයට 45.8කි. විපක්ෂයේ දේශපාලනඥයින්ගේ කාර්ය භාරය ගැන සෑහීමට පත්ව තිබුණේ සියයට 23.7 ක් වැනි අඩු පිරිසකි.
එමෙන්ම සහන සේවා සහ විනිවිදභාවය ගැනද මෙහිදී මත විමසීමක් සිදු කර තිබුණා.
එහිදී හදිසි ප්‍රතිචාර ලෙස හදිසි මුදා ගැනීම් සදහා සියයට 74.6ක ප්‍රතිචාරයක්ද සහන ද්‍රව්‍ය බෙදා හැරීම ගැන සියයට 73.1කක සාර්ථක සෑහීමට පත්වීම් පෙන්වා දුන්නා.විනිවිදභාවය කෙරෙහිද ජනතාව තුළ සියයට 71.4 ක විශ්වාසය රජය ගොඩනගා ගෙන තිබුණා.
එහිදී විදෙස් ආධාර මුදල් කළමානාකරණය කිරීමේදී රජය විනිවිදභාවයකින් කටයුතු කළ බවයි 71.4 ක ජනතාවක් ප්‍රකාශ කර තිබුණේ. සුලිකුණෘටුවෙන් පසුව වඩාත්ම ඵලදායි ආධාර ලබා දුන් රට ලෙස සියයට 88 ක් හදුනාගෙන ඇත්තේ ඉන්දියාව ලෙසයි.
පිළිවලින් පාකිස්ථානයට සියයට 49.9කුත්/ චීනයට සියයට 43.4කුත් ලැබී තිබුණා.
ආරක්ෂිත මධ්‍යස්ථානවල තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී සමීක්ෂණ යට ලක් කර තිබුණා.
එහිදී ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත ප්‍රවේශය සහ ආරක්ෂාව ගැන බොහෝ දෙනා සතුටු වූවත් නැතිවුණු ලියකියවිලි ගැන සහාය නොලැබීම සියයට 57.9කින්ද/ මනෝ සමාජීය සහාය නොලැබීම 47.3 කින්ද/ වෛද්‍ය පහසුකම් නොමැති වීම ගැන සියයට 30.5 කින්ද චෝදනා එල්ල වුණා.
එමෙන්ම ජනතාවට අනුව ආපදාව දරුණුවීමට බලපෑ ප්‍රධානම හේතුව වී ඇත්තේ ගංවතුර සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනාවාස පිහිටුවීමයි.
එය සියයට 51.5ක් එම අදහස අනුමත කර තිබුණා.
ඉඩම් සහ ගොඩනැගිලි රෙගුලාසි නීති ලිහිල්ව ක්‍රියාත්මක කිරීම පිළිබද සියයට 41.1ක් ප්‍රකාශ කර තිබුණා.
මෙම සමීක්ෂණය සිදුකළ සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශෂික් සිල්වා මහතා මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියට අදහස් පළ කළා.

