Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ කන්නයේ වී මිල ප්‍රකාශයට පත් කෙරේ

මහ කන්නයේ වී මිල ප්‍රකාශයට පත් කරයි

මහ කන්නයේ වී මිල ප්‍රකාශයට පත් කරයි

2025 – 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අනුව අදාළ මිල ගණන් රජය ප්‍රකාශයට පත්කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

ඒ අනුව කීරී සම්බා වී කිලෝවක මිල රුපියල් 140, සම්බා වී කිලෝවක මිල රුපියල් 130, නාඩු වී කිලෝවක මිල රුපියල් 120කට මිලදී ගැනීමට නියමිතය.

මෙවර වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version