Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ආරක්ෂක අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ආරක්ෂක අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ආරක්ෂක අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ජනරජයේ ජාතික ආරක්ෂක බලකාය අතර අවබෝධතා ගිවිසුමක් වසර 05ක කාලසීමාවක් සඳහා 2012 වසරේ දී අත්සන් තබා ඇති අතර, 2018 වසරේ දී එම ගිවිසුම අලුත් කරනු ලබන බව සඳහන් වේ.

එකී ගිවිසුමේ වලංගු කාලය 2023 වසරේ අවසන් වීමෙන් පසුව දෙපාර්ශ්වය අතර පවත්වනු ලැබ ඇති සාකච්ඡා මත පදනම් ව, පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම, කාර්යමණ්ඩල හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඒකාබද්ධ පර්යේෂණ හා අධ්‍යයන ක්‍රියාකාරකම් සංවිධානය කිරීම, ශාස්ත්‍රීය ප්‍රකාශන හා වෙනත් තොරතුරු හුවමාරු කර ගැනීම සහ සංස්කෘතික හා මලල ක්‍රීඩා හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදී අරමුණු සහිතව සංශෝධිත නව ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එකඟතාවට පැමිණ තිබේ.

ඒ අනුව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Exit mobile version