Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජොන්ස්ටන්, පුතුන් දෙදෙනා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ජොන්ස්ටන්, පුතුන් දෙදෙනා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ජොන්ස්ටන්, පුතුන් දෙදෙනා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව ඊයේ දින (30) කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව එම සැකකරුවන් එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත මෙම සැකකරුවන් මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

Exit mobile version