හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ (28) නියෝග කළා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් ප්‍රමාණයක් අවභාවිතා කිරිමේ චෝදනාව මත හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පවරා තිබෙන නඩුව ඊයෙ (28) කැඳවුවා.
එහිදී මේ වන විටත් අදාළ නඩුවේ විමර්ෂණ සඳහා අවශ්‍යව සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද නඩුවට පෙනී සිටියා.
මේ වන තෙක් ඔහු පොලිසිය මගහැර සිටින බවටයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.
කෙසේ වෙතත් එහිදී සමන් ඒකනායක මහතාද සැකකරුවෙකු ලෙස නම් කොට අත්අඩංගුවට ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ.
කෙසේ වෙතත් ඔහුගේ පාර්ශවයෙන් ඇප ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සමන් ඒකනායක මහතා පෙබරවාරි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.

