Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර ගිවිසුමක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර ගිවිසුමක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර ගිවිසුමක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ බෙල්ජියම ගිවිසුමකට එළඹුණා.

මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තු ගත ණය මුදල යුරෝ මිලියන 9.6ක් වනවා.

බෙල්ජියම ක්‍රෙඩෙන්ඩෝ එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඒජන්සි සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ද්වීපාර්ශ්වික ගිවිසුමකට එළඹුණා.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ අදාළ බෙල්ජියම් ඒජන්සිය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ඩිර්ක් ටර්වෙන්ඩුවේ මහතා ඊට අත්සන් තැබුවා.

මෙය මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරන්නක්ද වනවා.

නිල ණය හිමියන්ගේ කමිටුව සමග අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ණය සහන ලබාදීමට බෙල්ජියම් පාර්ශ්වය එකඟ වී තිබනෙවා.

Exit mobile version