Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විගණකාධිපතිවරයකු නැතිව විගණන වාර්තා 130ක් හිරවෙලා

විගණකාධිපතිවරයකු නැතිව ලොකු විගණන වාර්තා 130ක් හිරවෙලා

විගණකාධිපතිවරයකු නැතිව ලොකු විගණන වාර්තා 130ක් හිරවෙලා

විගණකාධිපතිවරය්කු පත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇතැයි වාර්තාවේ.

මීට අමතරව 2025 වසරට අදාල ප්‍රධාන විගණන වාර්තාව පිළියෙල කිරීම ආරම්භ කිරීම ප්‍රමාද වීමේද අවදානමක් මතුව ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

එම වාර්තාව ලබන මැයි මස 31ට පෙර නිකුත් කළ යුතුවේ.

විගණන වාර්තා ඉදිරිපත් වීම නැවතීම හේතුවෙන් එම වාර්තා පදනම් කරගෙන විමර්ශන කරන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුව සහ රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝපා කමිටුව කටයුතු මුළුමනින්ම නැවතී ඇත.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එම කමිටු දෙක ක්‍රියාත්මක වීමට නම් විගණකාධිපතිවරයෙකු සිටිය යුතු බව සඳහන්වේ.

ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය පාලන කටයුතුද අඩාල වීම හේතුවෙන් මෙම කටයුතු ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරනු ලැබ ඇතැයි වාර්තාවේ.

විගණකාධිපතිවරයකු නැතිවීමෙන් විශාල අර්බුද ගණනාවක් පැන නැගී ඇති හෙයින් වහාම එම තනතුර පිරවීමට කටයුතු කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරති.

– lankadeepa

Exit mobile version