වායු දූෂණය අවම කිරීම සඳහා විද්‍යුත් බස් රථ 100ක් ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පවසනවා.
චීන තානාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ(22) මහනුවරට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේද බැහැදුටු අවස්ථාවේදීයි.
මෙලෙස ලබාදීමට සැලැසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවද චීන තානාපතිවරයා සඳහන් කළා.
මහනුවර, ගාල්ල හා කොළඹ ප්‍රදේශයන්හි ධාවනය සඳහා මෙම බස් රථ ලබා දෙනු ලබනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම හේතුවෙන් බවයි චීන තානාපති චී වොන් හොංග් සඳහන් කළේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා චීනයේ විශේෂ අවධානය යොමු වී ඇති අතර වාර්ෂිකව පාසල් ළමුන්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය සුදු රෙදි ලබා දෙන බවද පැවසුවා.
2026 වසරේ නිල ඇඳුම් සඳහා සුදු රෙදි මීටර් කෝටි එකහමාරක් ලබා දුන් අතර පාසල් 500කට ස්මාර්ට් පන්ති කාමර 900 ක්ද ලබා දී තිබෙනවා.
තවද ශ්‍රී ලංකාවේ මහා මාර්ග පද්ධතිය සහ, ආර්ථිකය, ව්‍යාපාර නගා සිටුවීමටද චීනයේ උපරිම සහයෝගය ලබා දෙන බව චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

