Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉතිහාසයේ ඉහළම ප්‍රගතිය වාර්තා කරයි

සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉතිහාසයේ ඉහළම ප්‍රගතිය වාර්තා කරයි

සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉතිහාසයේ ඉහළම ප්‍රගතිය වාර්තා කරයි

2024 වසරේදී පැවති නව බඳවාගැනීම්වල වටිනාකම 2025 වසරේ දී රුපියල් මිලියන 318.68ක් ලෙස සියයට 93කින් ඉහළ නංවා ගැනීමට එම මණ්ඩලයට හැකිවී තිබෙනවා.

එය සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉතිහාසයේ ඉහළම ප්‍රගතිය අත්කරගත් අවස්ථාව වනවා.

අසංවිධානාත්මක ක්ෂේත්‍රවල ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කර පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් සමාජ ආරක්ෂණ මණ්ඩලය ආරම්භ කෙරුණේ මීට වසර 30කට පෙරයි.

එම මණ්ඩලය ඉතිහාසයේ ඉහළම ප්‍රගතිය 2025 වසරේ දී අත්කර ගැනීමට සමත්ව සිටිනවා.

2024 වසරේ දී නව බඳවාගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 167.41ක්.

සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සියලු කටයුතු ඩිජිටල් කිරීමේ ක්‍රියාවලියද මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා.

Exit mobile version