Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඕස්ට්‍රේලියාවේ 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ලක්ෂ 51/2ක් වසා දැමේ.

අවු.16ට අඩු දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන නව පනත් කෙටුම්පතක්

අවු.16ට අඩු දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන නව පනත් කෙටුම්පතක්

ඕස්ට්‍රේලියාවේ ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් 550,000ක් පමණ මෙටා සමාගම විසින් වසා දමා තිබේ.

ඒ ඕස්ට්‍රේලියාව පසුගිය දෙසැම්බර් 10 වැනිදා සිට එරට රජය විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් පැනවූ නීතියට අවනත වෙමින්.

මෙම තීරණය යටතේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට අයත් යැයි විශ්වාස කෙරෙන ඉන්ස්ටග්‍රෑම් ගිණුම් 330,000ක්, ෆේස්බුක් ගිණුම් 173,000ක් සහ ත්‍රෙඩ්ස් ගිණුම් 40,000කට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇති බව මෙටා සමාගම දක්වා තිබෙනවා.

නව නීතියට අනුව, වයස අවුරුදු 16ට අඩු දරුවන් සිය සමාජ මාධ්‍ය වේදිකාවලින් බැහැරව තබාගත යුතු අතර එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5ක් (ඇමරිකානු ඩොලර් මිලියන 33ක්) දක්වා විශාල දඩයකට මුහුණ දීමට එම සමාගම්වලට සිදු වනු ඇත.

Exit mobile version