Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අම්බුළුවාව පාරිසරික කලාපයේ ගැටලුව විමසීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා

අම්බුළුවාව පාරිසරික කලාපයේ ගැටලුව විමසීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා වත්මන් රජයත් ඒ සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. නමුත් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට පසුගිය රජයන්ට හැකියාවක් ලැබුණේ නැහැ. වැඩි වන ජනගහනය හේතුවෙන් මිනිසා අලි ඇතුන්ට හිමි වාසස්ථාන උදුරා ගැනීම නිසාත් අලි ඇතුන් ගමන් කරන කොරිඩෝවන් දිගේ ජනාවාස ඉදිකිරීම නිසාත් මේ අලි මිනිස් ගැටුම තවත් උස්සන්න වන්න පටන් ගෙන තිබෙනවා. මේ සඳහා කලින් කලට විසඳුම් රැසක් ඉදිරිපත් කෙරුණා. ඒ අතර විදුලි වැටවල් ඉදි කිරීම ,අලි ගම්වදින ස්ථානවල අගල් කැපීම ,සිග්සැක් ක්‍රමයට තල් වැටවල් ඉදිකිරීම ,එම මංකඩවල් වල පතොක් වැනි කටු සහිත භෝග වගා කිරීම උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. මේ සඳහා ලංකාවේ බහුලව භාවිත කෙරුණේ අලි ගම්වදින ස්ථානවල විදුලි වැටවල් ඉදිකිරීමයි. මේ සඳහා යන වියදම අධික වීම නිසාත් නැවත නැවත ප්‍රතිසංස්කරණ කිරීම සඳහා විශාල ලෙස මුදල් වැය කිරීමට සිදුවීම අසීරුවීම නිසාත් ,මෙය ස්ථිර විසඳුමක් බවට පත්වුණේ නැහැ. අලි ඇතුන් බුද්ධියෙන් වැඩි සත්ත්ව කොට්ඨාසයක් වීම නිසා පිටතින් කොට ගෙනවිත් විදුලි වැටවල් වලට දමා විදුලිය ආක්‍රිය වූ පසු එම ස්ථානවලින් නිරූපදිතව ගමන් කිරීමට ඉගෙන ගන්නට ඔවුන්ට වැඩි කලක් ගත වුනේ නෑ. අලි මිනිස් ගැටුම විසඳීමට වත්මන් රජය දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරමින් සිටිනවා. පරිසරවේදීන්ට අනුව අලි ඇතුන් යනු ජාතික වටිනාකමකින් යුත් සත්ත්ව විශේෂයක් . අලි මිනිස් ගැටුමින් පීඩාවට පත්ව සිටින ජනතාවට අනුව අලි ඇතුන් යනු තම භෝග වගාවන් විනාශ කරන මරණය කැන්ඳාගෙන එන බිය උපදවන ව්‍යසනයක්.

අම්බුළුවාව පාරිසරික කලාපයේ ගැටලුව විමසීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා

අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතු වී ඇති ගැටලුකාරි තත්ව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පරිසර අමාත්‍යංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අම්බුළුවාව පාරිසරික කලාපයේ සිදු වූ නායයෑම් පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යෙව්දී තරිඳු ජයවර්ධන මහතා ඇතුළු තරුණ ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකරුවන් පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින පෙරවරුවේ ගරු පරිසර අමාත්‍යතුමා හමුවී සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ගරු පරිසර අමාත්‍යතුමා විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් ලබා දෙමින් පවසා සිටියේ මෙම පාරිසරික සංවේදී කලාපයේ පාරිසරික සංරක්ෂණයට අදාළ කොටස පිළිබඳ සැළකිලිමත් වෙමින් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ගරු පරිසර අමාත්‍යතුමාගේ උපදේශක පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා විසින් මෙම තත්වය සම්බන්ධව නිසි අධ්‍යනයක් සිදු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී තිබෙනවා.

අම්බුළුවාව පාරිසරික කලාපයේ සිදු වූ නායයෑම් පිළිබඳ මාධ්‍ය වාර්තා සහ සෙසු පරීක්ෂණ වාර්තා අධ්‍යයනයෙන් පසු ජනතාවගේ ආරක්ෂාව මූලිකව සලකමින් අම්බුළුවාව කන්දට අදාළ තීරණ ගැනීමට පසුබට නොවන බවද ගරු පරිසර අමාත්‍යතුමා මෙහි දී අවධාරණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.

පරිසර අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන් සහ මේ පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කිරීමටද ඉදිරි දින කිහිපයේ දී කටයුතු කෙරෙන බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.

Exit mobile version