Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්ද්‍රව්‍ය භාවිත කරන CTB රියදුරන්ට වැඩ වරදී

මත්ද්‍රව්‍ය භාවිත කරන CTB රියදුරන්ට වැඩ වරදී

මත්ද්‍රව්‍ය භාවිත කරන CTB රියදුරන්ට වැඩ වරදී

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනේ සමාරම්භය අද(08) පෙරවරුවේ මට්ටක්කුලිය ලංගම ඩිපෝවේදී සිදු කෙරුණි.

මෙය පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදු කරන බව වාර්තා වේ.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පූර්ණ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, එම ආයතනයේ ජංගම වෛද්‍ය පර්යේෂණ රථයක් උපයෝගී කරගනිමින් සිදු කරනු ලැබුවා.

මෙහිදී මට්ටක්කුලිය ලංගම ඩිපෝවේ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ මුත්‍රා සාම්පල ලබාගනිමින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයින් හඳුනා ගැනීම සිදු කළ අතර විනාඩි 10 වැනි කෙටි කාලයක් තුළ දී අදාළ පරීක්ෂණයේ ප්‍රථිපල ලබාදීම සිදු කෙරුණා.

මෙම අවස්ථාවට සහභාගී වූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී, කේ.එස්.එම්. සමරසේකර මහත්මිය,

“මෙම වැඩසහන ක්‍රියාත්මක කිරීමේ මූලිකම අරමුණ වන්නේ පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් මත්ද්‍රව්‍යවලින් තොර කිරීමයි. එමගින් දෛනිකව සිදුවන රිය අනතුරු අවම කිරීමට හැකිවීම ඉතාමත් වැදගත් අද දිනයේ මට්ටක්කුලිය ඩිපෝවෙන් ආරම්භ වූ මෙම වැඩසටහන මගින් රියදුරන්ගේ මුත්‍රා සාම්පල ලබාගෙන, ඔවුන් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවාද යන්න පිළිබඳව පරීක්ෂා කරනවා. අද දිනයේදී මත්ද්‍රව්‍ය 04ක් පරීක්ෂා කිරීමට හැකි පරීක්ෂණ කට්ටල අපි රැගෙනවිත් තිබෙනවා. එමගින් ගංජා, අයිස්, බාබුල් සහ හෙරෝයින් යන මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කළ හැකි වෙනවා. ඉදිරියේදී මෙම ක්‍රියාවලිය දීපව්‍යාප්තව සිදු කිරීමට බලාපොරොත්තු වනවා”

Exit mobile version