Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ බාල පුතු රක්ෂිත බන්ධනාගාරයට

ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ බාල පුතු රක්ෂිත බන්ධනාගාරයට

ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ බාල පුතු රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුතු ජෙරම් කෙනත් ප්‍රනාන්දු ලබන ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා ඊයේ (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණි අතර එහිදී ප්‍රකාශ ලබාගැනීමෙන් පසුභාර අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, රාජ්‍ය දේපල සාවද්‍ය පරිහරණය, දැන දැනම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිලධාරීන් නොමග යවා එතනෝල් බලපත්‍රයක් ලබා ගැනීම, රජයට බදු මුදල් වංචා කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවට අදාළවයි.

සතොස ආයතනයේ ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි සඳහා යොදවා තිබීමෙන් රජයට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පාඩු කළේයැයි වූ චෝදනාවට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු හා මෙම සිදුවීමට අදාළව කූඨ ලේඛන සැකසීමේ චෝදනාවට ඉකුත් ඉරිදා (04) අත්අඩංගුවට ගත් සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල නැමැත්තාද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

Exit mobile version