Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ආයතනයෙන්, ICCයට ඉල්ලීමක්

තරග පාවාදීමේ චෝදනා මත බංග්ලාදේශ ක්‍රීඩක සමිනූර් රහ්මාන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

තරග පාවාදීමේ චෝදනා මත බංග්ලාදේශ ක්‍රීඩක සමිනූර් රහ්මාන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත තරග 4, ශ්‍රී ලංකාවේදී පවත්වන්නැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ICCයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ලිපියක් මගින්ය.

එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නේපාලය සහ ඉතාලිය සමග බංගලිදේශය එම තරග ක්‍රීඩා කිරීමට නියමිතය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ වලංගු කොන්ත්‍රාත්තුවක් තිබියදීත් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඉන්දියාවේ ක්‍රීඩා කළ නොහැකි නම්, බංග්ලාදේශයට ලෝක කුසලානය ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යාම ආරක්ෂිත යැයි සැලකිය නොහැකි බවය.

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තෆිසුර් රහමන් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ සංචිතයෙන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීමට අනුව කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායම ඔහුව සිය සංචිතයෙන් ඉවත් කළේ ය.

බංග්ලාදේශයේ පවතින දේශපාලන අර්බුධකාරී තත්ත්වය, ඊට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Exit mobile version