Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025දී

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025දී

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025දී

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදන 2025 වර්ෂයේදී සිදු කිරීමට සමත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ගතවූ වසරේදී ඖෂධ පෙති සහ කරල් මිලියන 3,625ක් නිෂ්පාදනය කිරීමට ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කලේය

එමෙන්ම මාසයක් තුළ සිදුකළ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025 වසරේ මාර්තු මාසය තුළ සිදු කිරීමට ද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව ඇති අතර එම මාසයේ ඖෂධ පෙති සහ කරල් මිලියන 385ක් නිෂ්පාදනය කර ඇති බවද වාර්තා වේ.

ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සැපයුම් අංශය ලබා දුන් සියලු ඇනවුම් හිඟයකින් තොරව සැපයීමට ද කටයුතු කර ඇති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2025 වර්ෂයේදී නව ඖෂධ නිෂ්පාදන 05ක් වෙළදපොලට හදුන්වාදීමට ද කටයුතු කර ඇත.

කෙසේවෙතත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ 2025 වර්ෂයේ සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් බිලියන 27.06ක් ලෙසද සටහන් වී ඇති බවය.

Exit mobile version