Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීති විරෝධීව මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග 12ක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධීව මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග 12ක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධීව මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග 12ක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (23) තලෙයිමන්නාරමට උතුරින් පිහිටි ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ නීති විරෝධී මසුන් ඇල්ලීමේ නිරත වන ඉන්දීය ධීවර යාත්‍රා පිරිසක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන බව උතුරු මැද නාවික විධානය විසින් නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම මෙහෙයුම් සිදුකළ බවයි.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ධීවරයින් සමඟ ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක වෙත භාර දී තිබේ.

Exit mobile version