Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිට්වා’ හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් අත්හිටුවන්න – ආර්ථික විද්‍යාඥයින් 120ක ගෙන් ඉල්ලීමක්

දිට්වා’ හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් අත්හිටුවන්න – ආර්ථික විද්‍යාඥයින් 120ක ගෙන් ඉල්ලීමක්

දිට්වා’ හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් අත්හිටුවන්න – ආර්ථික විද්‍යාඥයින් 120ක ගෙන් ඉල්ලීමක්

දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදුවූ දැඩි විනාශය පිළිබඳ සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවට අදාල ණය ගෙවීම් තාවකාලික අත්හිටුවීමට පියවර ගන්නැයි ඉල්ලමින් නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ආර්ථික විද්‍යාඥයින් 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මහජන අභියාචනයක් නිකුත් කර තිබෙන බව The Guardian වර්තා කරයි.

එම ආර්ථික විද්‍යාඥයින්ගේ මතය අනුව, ව්‍යසනයෙන් පසු නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීම සහ ජනතා ජීවනෝපායන් සුරැකීම සඳහා අවශ්‍ය මූල්‍ය ඉඩකඩ ලබාදීමට, ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවා නැවත ණය ප්‍රතිසංවිධානයක් (debt restructuring) සිදු කළ යුතු බවට සදහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “අපේ ඉතිහාසයේ විශාලතම හා වඩාත්ම අභියෝගාත්මක ස්වාභාවික ව්‍යසනය” ලෙස හැඳින්වූ අදාළ සිදුවීමෙන් දිවයින පුරා පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මිය ගිය අතර ලක්ෂ සංඛ්‍යාත නිවාස විනාශ විය.

සුළි කුණාටුව ඇතිවීමට පෙර, වාර්ෂික ආපසු ගෙවීම් රජයේ ආදායමෙන් 25%ක් වනු ඇතැයි අපේක්ෂා කරන ලදී. එය ජාත්‍යන්තර හා ඓතිහාසික ප්‍රමිතීන්ට අනුව ඉහළ මට්ටමකි.

ගෝලීය ආර්ථික විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පාරිසරික විනාශයේ පරිමාණය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම් කළමනාකරණය කළ හැකි මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා සිටි බවයි.

– Dinamina

Exit mobile version