Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෙනිසියුලාවට අයත් ඉන්ධන රැගත් නෞකාවක් ඇමෙරිකා භාරයට

වෙනිසියුලාවට අයත් ඉන්ධන රැගත් නෞකාවක් ඇමෙරිකා භාරයට

වෙනිසියුලාවට අයත් ඉන්ධන රැගත් නෞකාවක් ඇමෙරිකා භාරයට

වෙනිසියුලාවට අයත් ඉන්ධන රැගත් දෙවන නෞකාවද ඇමෙරිකාව සිට භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසියුලාවේ ඉන්ධන රැගෙන පිටත්ව යමින් සිටි නෞකාවකුයි මෙලෙස ඇමෙරිකාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම මාසය තුළදී ඇමෙරිකා වෙරළට ඔබ්බෙන් ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් භාරයට ගත් දෙවන අවස්ථාව මෙය බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

වෙනිසියුලාවට පැමිණෙන හා ඉන් පිටත්වන ඉන්ධන රැගත් නෞකා අවහිර කරන ලෙස පසුගිය සතියේ දී ඇමෙරිකා ජනාධිපතිවරයා නියෝග කළා.
ඉන් අනතුරුවයි මෙලෙස වෙනිසියුලාවට අයත් ඉන්ධන නෞකා අත්අඩංගුවට ගැනීම සිදුකෙරෙන්නේ.

මෙලෙස තමන්ට අයත් ඉන්ධන නෞකා අත්අඩංගුවට ගැනීම සොරකමක් හා පැහැර ගැනීමක් ලෙස හඳුන්වන බව වෙනිසියුලාව නිවේදනය කරනවා.

ඇමෙරිකාව වෙනිසියුලාවට අයත් සම්පත් සොරකම් කිරීමට උත්සාහ කරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙවැනි ක්‍රියාවන්ට කිසිදු සමාවක් හිමි නොවන අතර ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බවද නිවේදනයක් නිකුත් කරමින් වෙනිසියුලා රජය පවසනවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ සදහන්.

Exit mobile version