දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබේ.
ඊට සාමාජිකයන් 9දෙනෙක් ඇතුළත් වන බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ.
ආපදා හේතුවෙන් පරිසර පද්ධතියට සිදු වූ සමස්ත හානිය තක්සේරු කර සති 02ක් ඇතුළත වාර්තාවක් ලබාදීමටද නියමිත බවයි සඳහන් වන්නේ.

