Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර මිලියන 200කට වඩා පැරණි ඩයිනසෝර් පා සටහන් ඉතාලියෙන් සොයා ගනී

වසර මිලියන 200කට වඩා පැරණි ඩයිනසෝර් පා සටහන් ඉතාලියෙන් සොයා ගනී

වසර මිලියන 200කට වඩා පැරණි ඩයිනසෝර් පා සටහන් ඉතාලියෙන් සොයා ගනී

ඉතාලියේ ස්ටෙල්වියෝ ජාතික වනෝද්‍යානයේන් ඩයිනසෝර් පා සටහන් හමුවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර මිලියන 210කට වඩා පැරණි එම පා සටහන්,කුඩා හිසක්, දිගු බෙල්ලක් සහ තියුණු නියපොතු සහිත ශාකභක්ෂක ඩයිනසෝර් වර්ගයකට අයත් බවයි.

ඔවුන් හැඳින්වෙන්නේ ප්‍රො-සෝර-පොඩ්ස් ලෙසින්ය.

ඇතැම් පා සටහන් වල විෂ්කම්භය සෙන්ටිමීටර 40ක් පමණ වන අතර,ඒවායේ ඇඟිලි සහ නියපොතු සලකුණුද පැහැදිලිව දිස්වන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී, ප්‍රදේශයේ සංචාරය කළ ඡායාරූප ශිල්පියෙකු විසින්, ස්ටෙල්වියෝ වනෝද්‍යානයේ කඳු බිත්තියක් මත තිබූ අදාල පා සටහන් මුලින්ම හඳුනාගෙන ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

මීටර 10ක් පමණ දිග සිරුරක් ඇති “ප්‍රො-සෝර-පොඩ්ස්” වර්ගයේ ඩයිනසෝරයින් ඇවිදීම සඳහා පිටුපස පාද දෙක යොදාගෙන ඇති බවත්, දීර්ඝ සංචාර අතරතුර ගමන් විඩාව නිවා ගැනීමට, ඉදිරි පාද දෙක කඳු මත තබා විවේක ගෙන ඇති බවටත් විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.

වඳවී යාමට පෙර ඩයිනසෝර් සත්තවයින් වසර මිලියන 160කට වැඩි කාලයක් පෘතුවියේ ජීවත්ව ඇති බවට වාර්තා පලවී තිබේ.

Exit mobile version