Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භාවිතයට නොගත් මෙරට බලශක්ති විභවයන් පිළිබඳ වාර්තා දෙකක් එළිදක්වයි

භාවිතයට නොගත් මෙරට බලශක්ති විභවයන් පිළිබඳ වාර්තා දෙකක් එළිදක්වයි

භාවිතයට නොගත් මෙරට බලශක්ති විභවයන් පිළිබඳ වාර්තා දෙකක් එළිදක්වයි

දැනට භාවිතයට නොගත් මෙරට බලශක්ති විභවයන් පිළිබඳ විදේශ ආයෝජකයන් දැනුවත් කිරීමට අදාළ වාර්තා දෙකක් එළිදැක්වුණා.

මෙය ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතය පිළිබඳ වැදගත් සලකුණු සටහන් කිරීමක් මෙන්ම ආර්ථික වර්ධනයට අතිශයින්ම වැදගත් වනු ඇති බවයි මෙහිදි ප්‍රකාශ වුණේ.

ශ්‍රී ලංකාවේ ඛනිජ හා බලශක්ති අංශයේ නව ගමන් මග සනිටුහන් කරමින් වාර්තා දෙකක් එළිදැක්වීම කොළඹ දී සිදුකෙරුණා.
ඒ පාත්ෆයින්ඩර් පදනම සහ ඕස්ට්‍රේලියා වෙළඳ හා ආයෝජන කොමිසම මගින්.

මයිනින් පොටෙන්ෂල්, අග්ලෝබල් ඔපොචුනිටි යන්න එක් වාර්තාවක්. මෙමගින් මෙරට ඛනිජ අංශයේ ආයෝජන අවස්ථා පිළිබඳ විස්තර ඇතුලත්.

ශ්‍රී ලංකාස් ට්‍රාන්ස්ෆෝමේෂන් ටු ක්ලීන් එනර්ජි ඇන්ඩ් නෙට්සීරෝ ටාගට්ස් බයි 2050 අනෙක් වාර්තාවයි.

2050 වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියට පරිවර්තනය වීම සහ ශුද්ධ, ශුන්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ආයෝජන අවස්ථා මෙහි ඇතුලත්.

අදාළ ආයතනවල ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන්ද දෙස් විදෙස් ආයෝජකයන්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Exit mobile version