Analog (ප්‍රතිසම) රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා වන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
මේ වන විට රූපවාහිනී නාලිකා සංඛ්‍යාත වර්ණාවලියේ උපරිම ධාරිතාව භාවිතා කරමින් ක්‍රියාත්මකව පවතින අතර, වසර 46ක් පමණ පැරණි Analog රූපවාහිනී විකාශන පද්ධතිය වෙනුවට නවීන තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්ත්වයේ ඩිජිටල් අත්දැකීමක් ලබාදීම අරමුණු කර ගනිමින්, තනි ඩිජිටල් භෞමික විකාශන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි, ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශය විසින් ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය 2025 වර්ෂයේදී ආරම්භ කර තිබෙන බවයි සඳහන් වන්නේ.
ඒ සඳහා, ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය විසින් ගිවිසුමකට එළඹ ඇති අතර, මෙම ව්‍යාපෘතිය 2029 වර්ෂයේදී අවසන් කිරීමට නියමිතව තිබෙනවා.
ව්‍යාපෘතිය අවසන් වී වසර 02 කින් පසු පැරණි Analog රූපවාහිනී විකාශන පද්ධතිය සම්පූර්ණයෙන් වසා දැමීමට නියමිතව ඇති අතර, එම නිසා ඒ හරහා තවදුරටත් බලපත්‍ර ලබා දීම ඵලදායී නොවන බවට නිරීක්ෂණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

