අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති, අනුර වල්පොල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළේය.
එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට අවවාද කර ඇත.
2020 වසරේ ජනවාරි මස 30 වැනිදා ඩී. අනූපමා නමැත්තිය අදාළ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ තනතුර සඳහා විධිමත් ආයතනික පත්වීම් පටිපාටිය උල්ලංඝනය කරමින් බඳවාගැනීම තුළින් ඇයට වාසියක් සලසා දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සැකකරු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
ඒ අනුව සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව යලි ජනවාරි මස 23වැනිදා කැඳවීමටද නියම කළේය.

