Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඖෂධ වර්ග 350ක මිල පහතට

ඖෂධ වර්ග 350ක මිල අඩු කරයි

ඖෂධ වර්ග 350ක මිල අඩු කරයි

රෝග රැසකට භාවිත කරන ඖෂධ වර්ග 350ක පමණ මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්තා පෙන්වා දෙනවා.

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට ලබාදෙන ඖෂධ වර්ගවල මිල මෙසේ අඩුකර තිබේ.

ඇතැම් ඖෂධවල මිල සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයකින් අඩුවන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

දැනටමත් මිල අඩුකර ඇති ඖෂධවල ලේඛනයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිතයි.

ඉදිරි සතියේ දී තවත් ඖෂධ වර්ග 200ක පමණ මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබේ.

ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා එම ඖෂධ අලෙවි කරන අය සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද නියමිතයි.

ඔසුසල්වල පමණක් නොව පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ටද ජාතික ඖෂධ නියාමන අධිකාරිය නියමකර ඇති මිලටම ඖෂධ ලබාදිය යුතු වේ.

Exit mobile version