පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි අංශය මඟින් පවත්වාගෙන යනු ලබන ඔත්තු ජාලයක් විසින් රුසියාවේ ගුවන් ආරක්ෂණ පද්ධති තාක්ෂණය ලබා ගැනීමේ උත්සාහයක නිරත වූ බවට තොරතුරු වාර්තා වී ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.
පසුගියදා රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නගරයේ සිදු කර ඇති බාහිර පාර්ශ්ව වෙත ඔත්තු සැපයීමේ සැකකරුවන් සෝදිසි කිරීමේ මෙහෙයුමකදි රුසියානු ජාතිකයකු අත්අඩංගුවට පත්වීමත් සමඟ එම තොරතුරු හෙළි වී ඇතැයිද ඉකොනොමික් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එම සැකකරු විසින් හමුදා හෙලිකොප්ටර් නිෂ්පාදනය සඳහා භාවිත කරන තොරතුරු ඇතුළත් ලිපිලේඛන සහ ගුවන් ආරක්ෂණ පද්ධති සැකසුම් තොරතුරු ලබාගැනීමේ උත්සාහයක නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති අතර, එම තොරතුරු පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි අංශයේ ඔත්තු ජාලයට ලබාදීමේ අරමුණින් සිදු කර ඇතැයි අනාවරණය වන බවද ඉකොනොමික් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.
එම ඔත්තු ජාලය ක්රියාත්මක කර ඇත්තේ ඉන්දීය හමුදාව විසින් සිදු කරනු ලැබූ සින්දූර් මෙහෙයුමෙන් පසුව බවද වාර්තා වේ. පාකිස්තානයේ ක්රියාත්මක වන ත්‍රස්ත සංවිධානයක් විසින් ඉන්දීය කාෂ්මීර් ප්‍රාන්තයේ පැහැල්ගාම් ප්රදේශයේ සිදු කළ ත්‍රස්ත ප්රහාරයෙන් පසු ඉන්දීය ගුවන් හමුදාව විසින් ක්රියාත්මක කරනු ලැබූ සින්දූර් මෙහෙයුම සඳහා රුසියාවේ නිෂ්පාදිත මිසයිල ආරක්ෂණ පද්ධතිය භාවිත කරනු ලැබූ බව ඉකොනොමික් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

