Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්

ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්

ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්

ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (11) නුගේගොඩදී ආරම්භ කර තිබේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා සීනි සමාගම තම පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තත්ත්වයෙන් ඉහළ දුඹුරු සීනි අඩු මිලට ලාංකික පාරිභෝගිකයන් වෙත ලබා දීමේ අරමුණ ඇතිව ඉතිහාසයේ පළමුවරට තම අලෙවි ජාලය මෙලෙස ආරම්භ කළා.

2011 වසරේදී රජයේ පාලනය යටතට පත්වූ ලංකා සීනි සමාගම වසර 11 කට පසුව මෙලෙස තම අලෙවිජාලය ආරම්භ කිරීම විශේෂත්වයක්.

පසුගිය කාලයේ පැල්වත්ත හා සෙවනගල කර්මාන්ත ශාලා අයත් ලංකා සීනි සමාගම වසා දමා පෞද්ගලික අංශය වෙත විකිණීමේ සැලසුමක් පවතින බවට අසත්‍ය ප්‍රචාර රැසක් ක්‍රියාත්මක වූ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කලේය.

එම අසත්‍ය ප්‍රකාශ සඳහා නිවැරදිම පිළිතුර නිවැරදි වේලාවේදී ලබාදෙමින් ලංකා සීනි සමාගම වසර 14 කට පසුව තම අලෙවි ජාලය මෙලෙස ආරම්භ කරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීම පිළිබඳව ලංකා සීනි සමාගමේ කාර්ය මණ්ඩලයට හා සියළු උක් ගොවියන්ට තම කෘතඥතාවය පළ කරන බවද පැවසීය.

මෙලෙස ස්ථාවර ගමන් මඟකට අවතීර්ණ වී සිටින ලංකා සීනි සමාගම, ජනවාරි 1දා සිට ව්‍යවස්ථාපිත ගෙවීම්වලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවද ඳුන්නෙත්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ (11) දින මෙලෙස ආරම්භකරණ ලද ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය තුළින් පාරිභෝගිකයන්ට තත්ත්වයෙන් උසස් දේශීයව නිෂ්පාදිත දුඹුරු සිනි අඩුමිලට ලබාදීමට හැකියාව ලැබෙන අතර උක් ගොවි පවුල් දෙලක්ෂ පනස්දහසක් ශක්තිමත් කිරීමද අවස්ථාව උදාවනු ඇත.

නුගේගොඩ නාවල පාරේ පිහිටි දුඹුරු සීනි තොග හා සිල්ලර අලෙවි සැල මගින් උක් බීම, හකුරු, උක්පැණි ආදී ලෙස විවිධාංගිකරණය කරන ලද නිෂ්පාදන පෙළක්ද පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලංකා සීනි සමාගම සැලසුම් කර තිබේ.

Exit mobile version