Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩබල් කැබ් ටෙන්ඩරයේ වංචාවක් – හර්ෂ ද සිල්වා

ඩබල් කැබ් ටෙන්ඩරයේ වංචාවක් - හර්ෂ ද සිල්වා

ඩබල් කැබ් ටෙන්ඩරයේ වංචාවක් - හර්ෂ ද සිල්වා

ඩබල් කැබ් 1775ක් ගෙන්වීම සඳහා රජය විසින් සිදු කර ඇති ටෙන්ඩර් ක්‍රියාවලියේ ප‍්‍රසම්පාදනය නීති විරෝධී බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ පළමු දින විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ටෙන්ඩර් ක්‍රියාවලිය අනුව දින 42ක කාලයක් ටෙන්ඩර්කරුවන්ට ඊට ඉදිරිපත් වීමට අවස්ථාව දිය යුතු වුවත් මෙම ටෙන්ඩරය පමණක් දින 12ක් වැනි ඉතා කෙටි කාලයකදී වසා දමා ඇති බවද ඔහු චෝදනා කරයි.

එමෙන්ම එක් සැපයුම්කරුවකු හෝ සීමිත සැපයුම්කරුවන් ප්‍රමාණයක් ඉලක්ක කරමින් ටෙන්ඩර් කොන්දේසි පවා සකසා ඇති බවටද ඔහු චෝදනා කරයි.

ඒ අනුව ඔහු යෝජනා කරන්නේ මෙම වාහන ටෙන්ඩරය වහා අවලංගු කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

“අලුත්ම කතාබහ තමයි මේ ඩබල් කැබ් වැඩේ. 1775 ඩබල් කැබ් ගන්න. අඩු දින ගණනක් දීලා ඩෙන්ඩර් බෙන්ඩර් එකක් කරලා වැඩේ කරන්න යනවා කියලා තමයි අපට ආරංචි වෙන්නේ. ඊයේ ජනාධිපති තුමා වැඩේ ෂේප් කරන්න හැදුවා. මන්ත්‍රීලා 225ට පාවිච්චි කරන්න මේ වාහන දෙනවා කියලා කියනවා. ඒ කියන අතරෙදි මේ ඊ ප්‍රොකියුමන්ට් එක ගැන කතා කරනවා. දූෂණය ගැන කතා කරයි.

නමුත් ප්‍රොකියුමන්ට් ගයිඩ් ලයින්වල මොනවද තියෙන්නේ? දින 42ක් දෙන්න ඕන ටෙන්ඩර් එක වහන්න කලින්. නමුත් දුන්නේ දින 12යි. ආයතන කීපයකට අයිතිවාසිකමක් තියෙන්න ඕන ටෙන්ඩර් එකකට ඉදිරිපත් වෙන්න. නමුත් ඉතාම පටු කොන්දේසි නිසා කොම්පැනි එකක් හෝ දෙක්ක විතරයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.

තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මගේ මතය නම් මේ ටෙන්ඩර් එක සස්පේන්ඩ් කරන්න. මේක ඉන්වෙස්ටිගේට් කරන්න. පගා දීලා පක්ෂයටත් 159ටත් කැබ් දෙනවා කියලා මේ වැඩේ ෂේප් කරගන්න අපි සූදානම් නෑ කියලා ඉතාම ඕනකමින් මම කියන්න කැමතියි.”

Exit mobile version