Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ ආයතන රැසක ඉහළ නිලධාරීන්ගේ වත්කම් ගැන පුළුල් විමර්ශනයක්

කැබිනට් අමාත්‍යවරුන් 5කුට සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශන

කැබිනට් අමාත්‍යවරුන් 5කුට සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශන

පොලී­සිය, ත්‍රිවිධ හමු­දාව, බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව, ශ්‍රී ලංකා රේගුව, ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු රජයේ ආය­තන ගණ­නා­වක ඉහළ නිල­ධා­රීන්ගේ වත්කම් පිළි­බඳ පුළුල් විම­ර්ශ­න­යක් සිදු කිරී­මට අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව තීර­ණය කර තිබේ.

මේ ආය­ත­න­වල කට­යුතු කරන නිල­ධා­රී­න්ගෙන් කොට­සක් සහ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් අතර සමීප සම්බ­න්ධතා පැවති බවට අනා­ව­ර­ණ­ය වී ඇති අතර, යුද හමු­දාවේ ඉහළ නිල­ධා­රී­න්ගෙන් ඇතැ­මුන් සහ පොලී­සියේ ඉහළ නිල­ධා­රීන් පිරි­සක් මේ කණ්ඩා­යම් සමඟ ඍජු සම්බ­න්ධතා පවත්වා ඇති බවට ලැබී ඇති පැමි­ණිලි ප්‍රකා­රව ඔවුන් පිළි­බඳ දැන­ට­මත් අභ්‍ය­න්තර විම­ර්ශන ආරම්භ කර ඇතැයි ද කොමි­සම කියා සිටි­යේය.

අල්ලස් කොමි­ස­මට මේ ආය­ත­න­වල ඇතැම් නිල­ධා­රීන් සම්බ­න්ධ­යෙන් නිර­න්ත­ර­යෙන් ලැබෙන පැමි­ණිලි හේතු­වෙන් මේ විම­ර්ශන කඩි­න­මින් සිදු කිරී­මට කොමි­සම අව­ධා­නය යොමු කර ඇතැයි එහි ඉහළ නිල­ධා­රි­යෙක් පැවැ­සීය. වාර්ෂි­කව රජයේ නිල­ධා­රීන්ගේ වත්කම් බැර­කම් ප්‍රකාශ ගෙන විම­ර්ශන කට­යුතු සිදු කිරීම සිදු කළද ඊට පරි­බා­හි­රව දූෂ­ණය නමැති වරද සිදුව තිබේද යන්න මින් සොයා බැලීම් කරන බව කොමි­සම පැව­සීය.

මේ විම­ර්ශ­නයේ මූලික අදි­ය­රේදී පොලී­සිය, ත්‍රිවිධ හමු­දා­වල ඉහළ නිල­ධා­රීන්ගේ වත්කම් ලිපි­ගොනු අධී­ක්ෂ­ණය කිරී­ම­ටත්, ඉන්පසු පහළ නිල­ධා­රීන් දක්වා එය ව්‍යාප්ත කිරී­ම­ටත් කොමි­සම සූදා­නම් වේ.

අන­තු­රුව මෙරට ආදා­යම් උප­ද­වන සහ මහ­ජ­න­තාව සමඟ සම්බන්ධ තවත් ආය­තන ගණ­නා­වක් මේ සඳහා අධී­ක්ෂ­ණය කරනු ඇති අතර, එම කට­යුතු සිදු කිරී­මට කොන්ත්‍රාත් පද­නම මත කාර්ය මණ්ඩල බඳවා ගැනී­මටද පිය­වර ගන්නා බව කොමි­සමේ ඉහළ නිල­ධා­රි­යෙක් පැව­සීය.

– දින­මිණ

Exit mobile version