Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරු 56ක් ජනපති අරමුදලෙන් වෛද්‍යාධාර මි. 131ක් අරන්

පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරු 56ක් ජනපති අරමුදලෙන් වෛද්‍යාධාර මි. 131ක් අරන්

පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරු 56ක් ජනපති අරමුදලෙන් වෛද්‍යාධාර මි. 131ක් අරන්

ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබාගැනීමට අදාළ කරුණු සලකා බැලීමකින් තොරව 2005 – 2024 කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත් සභා මන්ත්‍රීවරු 56 දෙනකුට රුපියල් 131,371,110ක මුදලක් වෛද්‍යාධාර වශයෙන් ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබාදීමේදී සලකා බලනු ලබන මූල්‍යාධාර ලබාගැනීමට අදාළව විධිමත් අයැදුම්පතක්, ලබන මාසික ආදායම් සීමාව, ප්‍රාදේශීය ලේකම් වාර්තාව, ඔවුන්ගේ මූල්‍ය වත්කම්, උපරිම වෛද්‍ය ආධාර මුදල් සීමා ආදිය පිළිබඳව මෙහිදී කිසිදු සලකා බැලීමක් කර නොමැති බවද එහි සඳහන්ය.

ජනාධිපතිවරයාගේ අරමුදල් පනත ප්‍රකාරව ණය වශයෙන් මුදල් ලබාදීමට ප්‍රතිපාදන සලසා නැතත් 2015 පෙබරවාරි 02 දිනැති එවකට ජනාධිපති ලේකම්වරයාගේ ලිපියකට අනුව, නැවත ගෙවීමේ පදනම මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් 10,908,798ක වෛද්‍යාධාර මුදලක් ලබා දී ඇත. නමුත් 2025 ජුනි මාසය වන විටත් එම මුදල නැවත අයකරගෙන නොතිබුණ බවද එහි සඳහන්ය. හිටපු අග්‍රාමාත්‍යවරයකුටද වෛද්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් 2021 හා 2014 වර්ෂවලදී අරමුදලෙන් රුපියල් 29,809,143ක මුදලක්ද ලබා දී ඇත. එයින් රුපියල් 13,748,217ක් නැවත අයකර ගැනීමේ පදනමට ලබා දී තිබුණු නමුත් 2025 ජුනි මාසය දක්වා එම මුදලද නැවත අයකරගෙන නොතිබුණ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version