Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තායිලන්ත ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැඳවයි

තායිලන්ත ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැඳවයි

තායිලන්ත ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැඳවයි

තායිලන්ත රජය විසින් මෙරටට ප්‍රදානය කළ ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් කැඳවන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ප්‍රකාශ කර තිබේ.

තවද ඊට අදාළව විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක්ද නම්කරන බව ඔහු පවසා ඇති බව වාර්තා වේ.

මෙම ඇතුන් දෙදෙනාට ප්‍රමාණවත් සුබසාධක පහසුකම් සපයා නොමැති වීම සහ අධික ලෙස වැඩ ගැනීම හේතුවෙන් තායිලන්තය තෑගි ලෙස ලබා දෙන ලද ඇතුන් දෙදෙනෙකු එරටට ගෙන්වා ගැනීමට තීරණය කර ඇතැයි තායිලන්ත වෙබ් අඩවියක් වාර්තා කර ඇති බව වාර්තා විය.

එම අලි ඇතුන් දෙදෙනා නැවත ගෙන්වා ගැනීම සඳහා එළැඹෙන 28 වැනිදා තායිලන්ත බලධාරීන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට නියමිත බවද එහි සඳහන් වේ.

අලි ඇතුන් දෙදෙනාගේ සුවදුක් බැලීම සඳහා වාහාම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන බව තායිලන්ත නියෝජ්‍ය අගමැති සහ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය සුචාර්ට් චොම්ක්ලින් ඔහුගේ මුහුණු පොත් ගිණුමේ පසුගියදා සටහනක් තබමින් ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

එසේම තායිලන්ත රජය අලිඇතුන් දෙදෙනාගේ සුබ සාධනය පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරන බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.

1979 වසරේදී තායිලන්තය විසින් තෑගි කර ඇති ප්‍රතූ පා හස්තියා දළදා මාළිගාවේ සිටින බවත්, නැවත තායිලන්තයට ගෙන්වා ගත් සක්සුරින් සමග 2001 වසරේදී තෑගි කරන ලද ශ්‍රී නරොන්ග් වර්තමානයේ කතරගම කිරිවෙහෙර පන්සලේ සිටින බවත් එම වාර්තාවේ සඳහන් වේ.

Exit mobile version