දිවයින පුරා බන්ධනාගාරවල සිරකරුවන් 35,000කට වැඩි පිරිසක් රඳවා සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් අඟහරුවාදා (21) ප්‍රකාශ කළේය.
බන්ධනාගාරවල රඳවා තැබීමට හැකි සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන් සිටින අතර මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන බවද හෙතෙම පැවැසීය.
එමෙන්ම බන්ධනාගාර තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙසේද පැවසීය.
වැලිකඩ බන්ධනාගාරය ශ්‍රී ලංකාවේ පළමු බන්ධනාගාරයයි. එය 1844දී ඉදිකරන ලදී. දැනට රට පුරා ක්‍රියාත්මක වන බන්ධනාගාර සංඛ්‍යාව 28ක්.
දැනට එම බන්ධනාගාරවල පුද්ගලයින් 35,216ක් රඳවා ඇත. බන්ධනාගාරවල සිරකරුවන් 10,000ක් දක්වා පමණක් රඳවා ගත හැකි වුවද, ඊට වඩා විශාල සිරකරුවන් සංඛ්‍යාවක් රැඳවුම් මධ්‍යස්ථාන සහ බන්ධනාගාරවල රඳවා සිටිනවා. ඒ වගේම බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ගැටලු කළමනාකරණය කරමින්, නව ගොඩනැගිලි ඉදිකිරීමට සහ සමහර අධිකරණ වෙනත් ස්ථානවලට ගෙන යාමට පියවර ගනිමින් සිටිනවා.
විවිධ බන්ධනාගාරවල සිරකරුවන් විශාල සංඛ්‍යාවක් රඳවා තබා ගැනීම නිසා සෞඛ්‍ය ගැටලු ද මතුවෙමින් පවතිනවා.