Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

1990 සුවසැරියේ වෙනසක් නැහැ

1990 සුවසැරියේ වෙනසක් නැහැ

1990 සුවසැරියේ වෙනසක් නැහැ

1990 සුවසැරිය පදනමේ නිල ගිලන්රථ සේවයේ නම, ගිලන්රථවල වර්ණය සහ ගිලන්රථ සේවයේ පරමාර්ථය වෙනස් කිරීම සදහා රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද යන ප්‍රශ්නය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ (21) පර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේ, 1990 අංකය හෝ සුවසැරිය යන නිල නාමය ඉවත් කිරීමට හා වර්ණය වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එම පනතේ පූර්විකාව ප්‍රකාරව එහි පරමාර්ථය ලෙස සඳහන් කර තිබෙන්නේ පූර්ව රෝහල් ගිලන්රථ ප්‍රතිකාර හා හදිසි ප්‍රතිකාර සේවාව ලෙස පැහැදිලි ව සඳහන් කර තිබෙන බවයි.

මෙම ගිලන්රථ සේවය සඳහා උසස් තාක්ෂණය සහිත පුහුණු කාර්ය මණ්ඩලයක් ලබාදෙමින් හදිසි ප්‍රතිකාර සේවයට ගැලපෙන පරිදි තාක්ෂණික සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට කටයුතු කරන බව මෙහිදී අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ණය ආධාර මත සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත තවත් ගිලන්රථ 100 ක් මෙරටට ගෙන්වීමට ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කරමින් සිටි බවයි.

Exit mobile version