Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිවයින පුරා පළාත් සහ ජාතික පාසල් රැසක ගුරු හිඟයක්

දිවයින පුරා පළාත් සහ ජාතික පාසල් රැසක ගුරු හිඟයක්

දිවයින පුරා පළාත් සහ ජාතික පාසල් රැසක ගුරු හිඟයක්

දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඊයේ දින (21) පාර්ලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ, ජාතික පාසල්වල පුරප්පාඩු 1,501ක් ඇති බවයි.

එමෙන්ම පළාත් පාසල් ලෙස බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්, දකුණ 2,513ක්, මධ්‍යම 6,318ක්, වයඹ 2,990ත්, ඌව 2,780ක්, උතුරු මැද 1,568ක්, නැගෙනහිර 6,613ක්, සබරගමුව 3,994ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක් වාර්තා වී ඇතැයිද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියා.

මේ සඳහා ඉදිරියේ දී දිවයිනේ ජාතික පාසල්වල විද්‍යා, ගණිත, තාක්ෂණ විෂයන්, විදේශ භාෂා සහ 13 වසරක අකණ්ඩ විෂයන් සඳහා මෙන්ම අපොස උසස් පෙළ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය පුරප්පාඩු සඳහා පසුගිය 2024.07.28 වන දින සිට බඳවා ගැනීම් සිදුකර තිබෙනවා.

එහිදී ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353ක් ඉදිරි මාස 2ක තුළ බඳවා ගැනීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

මීට අමතරව පවතින ගුරු සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්නා බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියා.

Exit mobile version