Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විනාඩි 4න් කළ ලූවර් කෞතුකාගාරයේ ලෝකෙ ලොකුම හොරකම

විනාඩි 4න් කළ ලූවර් කෞතුකාගාරයේ ලෝකෙ ලොකුම හොරකම

විනාඩි 4න් කළ ලූවර් කෞතුකාගාරයේ ලෝකෙ ලොකුම හොරකම

ලොව විශාලතම කෞතුකාගාරය ලෙසින් සැලකෙන ප්‍රංශයේ පිහිටි ලූවර් කෞතුකාගාරයේ ඉකුත් ඉරිදා දින (19) සිදුවූ සොරකම සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිව තිබේ.

වර්ෂ 1546 වසරේදී ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල එවකට ප්‍රංශ රජ පවුලට අයත් එකක් වු අතර පසුව මෙය ලූවර් කෞතුකාගාරය බවට පත්වූ මෙම කෞතුකාගාරය කීර්තියක් උසුලන්නේ ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි සිත්තම් කළ සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවම තැන්පත් කර තිබීම හේතුවෙනි.

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මෙම ලූවර් කෞතුකාගාරය ලොව විශාලතම කෞතුකාගාරය ලෙසින් සැලකෙන අතර එය වර්ග මීටර් 73,000ක වපසරියක පැතිර තිබේ.

ආසන්න වශයෙන් එය පාපන්දු ක්‍රීඩා පිටි 10ක පමණ විශාලත්වයකින් යුක්තයි.

විවිධ අවස්ථාවල උණුසුම් පුවත් මැවූ ලෝක ප්‍රකට ලූවර් කෞතුකාගාරය පිළිබද නැවත කතාබහක් මතුව ඇත්තේ කෞතුකාගාරය බිඳ එහි තිබූ මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ රැසක් ඊයේ උදෑසන සොරකම් කර තිබීම හේතුවෙන්.

ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන්නේ මුහුණු ආවරණය කරගත් සිව්දෙනෙකු පැමිණ මෙම සොරකම සිදුකර ඇති බවයි.
මෙම සොරකම විනාඩි 4ක් වැනි කෙටි කාලයක් තුළ සිදුව තිබීමත් විශේෂත්වයක්.

ඔවුන් සේන් නදිය ගලා යන දෙසින් පිහිටි භාණ්ඩ ප්‍රවාහනය කරන සෝපානය හරහා පැමිණ ඇපලෝ ගැලරියේ ජනේලයක් බිඳ කෞතුකාගාරයට ඇතුළු වී, ප්‍රංශ රාජකීය ඔටුනු සහ ස්වර්ණාභරණ ඇතුළු මිල කළ නොහැකි පෞරාණික කෞතුක භාණ්ඩ 9ක් සොරකම් කර තිබූණා. ඉන් එක් ආභරණයක් කෞතුකාගාරයෙන් පිටත බිඳීගොස් තිබියදී හමුවුණා.

එය තුන්වන නැපොලියන් රජුගේ බිරිද වන ඉයුජිනි රැජිනට අයත් ඔටුන්න විය හැකි බවටයි පැවසෙන්නේ.

සොරුන් යතුරුපැදි මගින් පළාගොස් තිබූ අතර ලූවර් කෞතුකාගාරයේ සිදු කරන ලද සොරකම පිළිබද එක්ස් සටහනක් පළ කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා ඇත්තේ මෙම සොරකම අප අගය කරන උරුමයකට එල්ල කරන ලද ප්‍රහාරයක් බවයි.

එමෙන්ම සොරකම් කරන ලද කෞතුක භාණ්ඩ නැවත ලබා ගැනීමට හා වරදකරුවන් නීතිය හමුවට පැමිණවීමටද කටයුතු කරන බව ඔහු සදහන් කර තිබෙනවා.

සොරකමෙන් පසු ලූවර් කෞතුකාගාරය සම්පූර්ණයෙන්ම වසා දැමුණු අතර, ඒ වනවිට කෞතුකාගාරයේ රැඳී සිටි ජනතාව ද ඉවත් කර තිබේ.

Exit mobile version