Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ටත් කටුනායකදී ඊ-ගේට්ස් පහසුකම

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ටත් කටුනායකදී ඊ-ගේට්ස් පහසුකම

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ටත් කටුනායකදී ඊ-ගේට්ස් පහසුකම

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) විසින් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍ර හිමියන් සඳහාම සුවිශේෂී ලෙස ස්වයංක්‍රීය පාලන (ABC) ඊ ගේට්ස් හඳුන්වා දී තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ මෙම නවීන තාක්ෂණය මඟින් මඟීන්ට වඩාත් වේගවත් සහ ආරක්‍ෂිත ආගමන විගමන නිෂ්කාශන අත්දැකීම් ලබාදෙනු ඇති බවයි.

මෙය ශ්‍රී ලංකාවේ සුහුරු සංචාරණ සහ ඩිජිටල් දේශ සීමා කළමනාකරණ කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

මේ අනුව මෙම නව පහසුකම භාවිතා කිරීමට සුදුසුකම් ලබන සංචාරකයින්ට පූර්ව ලියාපදිංචි වීමෙන් පහත සරල පියවර තුන අනුගමනය කරමින් බාධාවකින් තොරව ගමන් කළ හැකි වේ.

පියවර 01 – එක් වරක් ලියාපදිංචි වීම (One-time registration)

පියවර 02 – අවශ්‍ය ජෛවමිතික දත්ත ලබා දීම (Obtain required biometrics)

පියවර 03 – ඊ-ගේට්ස් හරහා ඔබේ සුහුරු ගමන ආරම්භ කරන්න (Start your smart travel through e-gates)

මෙමගින් ආගමන කවුන්ටරවල රැඳී සිටින කාලය අවම කර, ගමන් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Exit mobile version