Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ අලාභය 15.1% කින් පහළට

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ අලාභය 15.1% කින් පහළට

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ අලාභය 15.1% කින් පහළට

ශ්‍රී ගුවන් සමාගමේ වියදම 2024/2025 වර්ෂයේ දි රුපියල් බිලියන 275.6ක් දක්වා සියයට 15.1කින් අඩුකරගැනිමට හැකිවි ඇති බැව් මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

ගුවන්යානා ඉන්ධන පිරිවැය සියයට 20.4කින් අඩුවිම, බදුපදනම මත ලබාගත් ගුවන්යානා සදහා කුලි සහ ගුවන්යානා නඩත්තු වියදම සියයට 68කින් අඩුවිම, අලුත්වැඩියා වියදම සියයට 13.2කින් අඩුවිම මේ සදහා ප්‍රධාන වශයෙන් හේතුවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ. කෙසේවුවද ශ්‍රි ලංකන් ගුවන් සමාගම 2024/2025 වර්ෂයේ දි රුපියල් බිලියන 8.4ක බදු පසු ශුද්ධ අලාභයක් වාර්තාකොට තිබුණි.

දිගුකාලින මෙහෙයුම් අකාර්යක්ෂමතා සහ රුපියල් බිලියන 586.5ක් වු අතිත ණය බර මේ සඳහා ප්‍රධාන හේතුවක් වි ඇති බවද මෙකි වාර්තාවේ සදහන් වේ

රජය විසින් ජාතික ගුවන්සේවය ආරක්ෂා කිරිමේ උත්සාහයක් ලෙස ගුවන් සමාගමේ පවතින මුල්‍ය ගැටළුවලට සහායවිම සදහා 2024 වර්ෂයේ දි රජය විසින් රුපියල් බිලියන 9.8ක මුල්‍ය දායකත්වයක් ගුවන් සමාගමට ලබා දි ඇත. මිට අමතරව රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර ස්වෛරිත්ව බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරිම සදහා සහායවිමට ඉදිරිපත් වි තිබේ.

ගුවන් සමාගමේ දිගුකාලිනව නොගෙවු ණය සේවා බැදිම් පියවිමට රජය එකගවි ඇති අතර ඒ අනුව ණය පියවිම සදහා 2025 වර්ෂයේ අයවැය මගින් රුපියල් බිලියන 20ක ප්‍රතිපාදනද අනුමතකර ඇත.

Exit mobile version