Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙ­න­කුට

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙ­න­කුට

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙ­න­කුට

මේ වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ආර්ථික විද්‍යා­ඥ­යන් තිදෙ­න­කුට පිරි­නැ­මෙන බව ස්වීඩ­නයේ රාජ­කීය විද්‍යා ඇක­ඩ­මිය පසුගිය සඳුදා දින (13) නිවේ­ද­නය කළේය.

ඇල්ෆ්‍රඩ් නොබෙල් අනු­ස්ම­ර­ණය වෙනු­වෙන් පිදෙන ස්වීඩ­නයේ මහ­බැංකු ත්‍යාගය ලෙස හඳු­න්වනු ලබන ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය සඳහා අමෙ­රි­කානු -ඊශ්‍රා­යල ජාති­ක­යකු වන ජොයෙල් මොකීර්, ප්‍රංශ ජාතික පිලිප් ඇගි­යොන් සහ කැනේ­ඩි­යානු ජාතික පීටර් හොවිට් තෝරා­ගත් බව එම නිවේ­ද­නයේ සඳ­හන් වේ.

නවෝ­ත්පා­ද­නය මත පද­නම් වූ ආර්ථික වර්ධ­නය සම්බ­න්ධව සිදු කළ පැහැ­දිලි කිරීම වෙනු­වෙන් එම ත්‍යාග­යෙන් අඩක් ජොයෙල් මොකීර්ට හිමි­වන බවත්, ඔහු නව තාක්ෂ­ණය භාවිත කර­මින් තිර­සර ආර්ථික වර්ධ­න­යක් මෙහෙ­ය­විය හැකි ආකා­රය පෙන්වා දී ඇති බවත් ස්වීඩ­නයේ රාජ­කීය විද්‍යා ඇක­ඩ­මිය නිකුත් කළ නිවේ­ද­නයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වේ. මානව වර්ගයා විසින් නිර්මා­ණය කරනු ලබන ව්‍ය­සන තුළින් තිර­සර වර්ධ­න­යක් කරා යෑමේ න්‍යායා­ත්මක භාවි­ත­යක් හඳුන්වා දීම උදෙසා එම ත්‍යාගයේ ඉතිරි කොටස පිලිප් අගි­යොන් සහ පීටර් හොවිට් අතර සමසේ බෙදී යන බව එහි සඳ­හන් වේ.

Exit mobile version