රන් අවුන්සයක මිල ඇමරිකා ඩොලර් 4,000ක වාර්තාගත ඉහළම අගය සටහන් කර තිබේ.
ලොව පුරා ආර්ථික හා දේශපාලන අවිනිශ්චිතතාවයන් හේතුවෙන් ආයෝජකයින් මුදල් යෙදවීමට ආරක්ෂිත ස්ථාන සොයමින් සිටින නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
1970 දශකයෙන් පසු රන් මිල වැඩි වූ වැඩිම අගයද මෙය වේ
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කර ඇති ආයතන වසා දැමීම හේතුවෙන්ද මෙම මිල ඉහළ ගොස් තිබේ.
රන් මත ආයෝජනය ආරක්ෂිත ආයෝජනයක් ලෙස බොහෝ දෙනා සලකනු ලබයි.
එමෙන්ම වෙළඳපල කැළඹීම් හෝ ආර්ථික පසුබෑම් කාලවලදීද රත්රන් වල වටිනාකම අඩු නොවන අගයක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්.

