Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ තේ, මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තාවට

ශ්‍රී ලංකාවේ තේ, මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තාවට

ශ්‍රී ලංකාවේ තේ, මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තාවට

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ ‘සිලෝන් විශේෂ වතු තේ’ වාර්ෂික පුණ්‍යාධාර වෙන්දේසිය(Charity Auction) පසුගියදා ජපානයේ ඔසාකා හිදි පැවැත්විණි.

මෙය ශ්‍රී ලංකාව ඔසාකා ලෝක ප්‍රදර්ශනයට (World Expo Osaka) සහභාගීවිමට සමගාමීව සිදු කරන ලදි.

2025 සිලෝන් විශේෂ වතු තේ තරගයේ ජයග්‍රාහී තේ වර්ග 27ක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර, දිවයිනේ ප්‍රධාන තේ වගා කලාප හතම (07) නියෝජනය වන පරිදි එම තේ තොග වෙන්දේසි කෙරිණි.

ජපන් තේ ගැනුම්කරුවන් 60 දෙනෙකුට අධික පිරිසක් මෙම වෙන්දේසියට සහභාගී වූ අතර, තරගයේ ජයග්‍රාහී තේ මිලදී ගැනීමට ඔවුහු දැඩි උනන්දුවක් දැක්වූ අතර ගැනුම්කරුවන්ට, වෙන්දේසි කරන ලද සියලුම තේ වර්ගවල තත්ත්වය පරීක්ෂා කිරීමටත්, රස බැලීමටත් අවස්ථාව ලැබිණි.

මෙහිදී, සබරගමුව කලාපයේ රන් සම්මානය දිනාගත්, නිව් විතානකන්දේ සිලෝන් කළු තේ (FFExSp) මෙතෙක් අලෙවි වූ මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තාවට නිල වශයෙන් ඇතුළත් වී ඇත එක්වෙමින්, කිලෝවක් සඳහා ජපන් යෙන් 125,000/-ක් (ඇමරිකානු ඩොලර් 860/-ක්) වැනි අතිවිශේෂ මිලකට අලෙවි විය.

මෙම වාර්තාගත මිලට තේ තොගය මිලදී ගනු ලැබුවේ ජාත්‍යන්තර සමාගමක් වන M/s. Jannet International විසිනි. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජපාන තේ සංගමය විසින් ඉතා වටිනා සහයෝගයක් ලබා දී තිබුණි.

Exit mobile version