Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වත්කම් ප්‍රකාශ නොදුන් රජයේ සේවකයින්ට වසරක වැටුපට සමාන දඩයකට යටත් කළ හැකි

වත්කම් ප්‍රකාශ නොදුන් රජයේ සේවකයින්ට වසරක වැටුපට සමාන දඩයකට යටත් කළ හැකි

වත්කම් ප්‍රකාශ නොදුන් රජයේ සේවකයින්ට වසරක වැටුපට සමාන දඩයකට යටත් කළ හැකි

2025 වර්ෂයට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට ලබාදී තිබූ කාලය 2025 අගෝස්තු 31 වනදායින් අවසන් වී ඇති බැවින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු එම ප්‍රකාශ ලබාදිය යුතු අයගේ වාර්ෂික සහ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ දැන් භාරගැනීමට අවශ්‍ය නොවන බවත් අදාළ දිනයෙන් පසුව යම් හෙයකින් එම ප්‍රකාශ භාරගෙන ඇත්නම් ඒවා ආපසු ඔවුන් වෙතම යොමුකළ යුතු බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව 2025 සැප්තැම්බර් 16 දිනැතිව නිකුත් කර ඇති එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ ඉහත කී දිනය වනවිට එම වාර්ෂික හා පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ ලබාදී නොමැති තැනැත්තන්ට එරෙහිව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 90(5) වගන්තිය ප්‍රකාරව නීතිමය පියවර ගන්නා බවයි.

එම වගන්තිය අනුව අදාළ ප්‍රකාශ සැප්තැම්බර් 01 වනදා වනවිට එවීමට අපොහොසත් වන තැනැත්තකුට මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කිරීමේදී එකී තැනැත්තා අවසන් වරට ලබාගත් මාස 12ක දළ වැටුපට සමාන දඩ මුදලකට හෝ අවුරුද්දකට නොවැඩි සිරදඬුවමකට හෝ එකී දෙකටම හෝ යටත් කළ හැකි බවත් එම ලිපියෙහි උපුටා දක්වා ඇත.

Exit mobile version