Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහීපාල හේරත්ගේ බිරිඳට අයත් හෝටලයකට ලැබුණු නියෝගය

මහීපාල හේරත්ගේ බිරිඳට අයත් හෝටලයකට ලැබුණු නියෝගය

මහීපාල හේරත්ගේ බිරිඳට අයත් හෝටලයකට ලැබුණු නියෝගය

උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ බිරිඳ පෙරිමියන්කුලම වැව් රක්ෂිතයේ පවත්වාගෙන ගිය අනවසර හෝටලය කඩා ඉවත් කරන්නැයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා දැනුම් දී තිබෙනවා.

පෙරිමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් 60ක භූමි ප්‍රමාණයක් අනවසරයෙන් අත්පත් කරගෙන එහි හෝටලයක් පවත්වාගෙන යාමට උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ බිරිඳ වන අජන්තා රූපසාරි හේරත් මහත්මිය කටයුතු කර තිබෙනවා.

හේරත් මහතාගේ බලතල නීතිවිරෝධී අයුරින් අවභාවිත කරමින් මෙම වැව් රක්ෂිතය අත්පත්කරගෙන ඇති බවටයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරන්නේ.

මේ වනවිට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් මත අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායිම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ හිටපු ආණ්ඩුකාරවරයාගේ බිරිඳ හෝටලය ඉදිකර පවත්වාගෙන ගොස් ඇත්තේ කිසිඳු නීතිමය ලියවිල්ලක් නොමැතිව බවයි ප්‍රාදේශීය ලේකම් සුදර්හන දිසානායක මහතා සඳහන් කරන්නේ.

මේ නිසා අදාළ ගොඩනැගිලි කඩා ඉවත් කරන ලෙසට තමන් දැනුම් දුන් බවයි ඒ මහතා කියාසිටින්නේ.

මේ වනවිට පෙරිමියන්කුලම වැව් රක්ෂිතයේ සියලු මැනීම් කටයුතු අවසන්කර මායිම් ගල්ද දමා ඇති බවයි.

මෙම අනවසර ඉදිකිරීම් ඉවත්කර ගැනීමට මාසයක පමණ කාලයක් හේරත් මහත්මියට ලබාදී ඇති බවයි ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් කියාසිටියේ.

Exit mobile version